දේශීය

එළොව ගිහින් මෙළොව ආ ආච්චි අම්මා

76 හැවිරිදි අදාළ කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබේ.

 

ඒ අනුව ඥාතීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී අදාළ කාන්තාව මියගොස් නොමැති බව අනාවරණය වී ඇත.

 

මේ වන විට එම කාන්තාව කලින් ප්‍රතිකාර ලබාසිටි රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

 

එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන ඇත.

Related posts

මැත්පන් වර්ග අනුව ගණන් යන්නේ මෙහෙමයි

Mohamed Dilsad

පාකිස්තානයේ සංචාරයක නිරත වූ භික්ෂූන් වහන්සේලා යළි දිවයිනට

Mohamed Dilsad

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

Editor O

Leave a Comment