දේශීය

ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නියාමනයක්

(UTV | කොළඹ) – ත්‍රිරෝද රථ නියාමනයට ලක්කිරීමෙන් පසුව ඒ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේ නියාමනයකින් තොරව ඉන්දන කෝටාව වැඩි කල නොහැකි බවයි ඔහු පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

“දැනට අපි දෙන්නේ ලීටර් 5යි ත්‍රිරෝද රථ සඳහා.අපි නියාමනය සකස්කරලා දෙනකොට අපිට ප්‍රවාහන අමාත්‍යාංශය හරහා අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් මේක වැඩි කරලා දෙන්න මොකද දැනට තියෙන විදියට ලියාපදිංචියක් නොමැතිව නියාමනයක් නොමැතිව අපිට සියලුම ඒවාට එක සැරේ දෙන්න ගියොත් එහෙම අපිට දෙන්න පුළුවන්කමක් නෑ .

දැනට අපේ තියෙන පද්ධතියේ ලක්ෂ 11කට ආසන්න ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා තියෙනවා. කෝටා එක වැඩි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කෝටා එක වැඩි කිරීමේ හැකියාව තියෙන්නේ ලක්ෂ 10න් ලක්ෂ 9ක් ආවොත් එහෙම පූර්ණ කාලීන ත්‍රී රෝද රථ කියලා අපිට අර කෝටා එක අඩු කරන්න වෙනවා අපි වැඩි කරන්න ඉන්න බලාපොරොත්තු වන ප්‍රමාණයෙන්.

නමුත් ඒක 3ක් හෝ 4ක් නම් තියෙන්නේ අපි දැනටමත් එකඟ වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ලීටර් ප්‍රමාණයක්, ජනාධිපති තුමාට අපි කියලා තියෙනවා අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය . ඒ අනුව අපිට වැඩි කරන්න පුළුවන්. ඒක අපිට ගැටලුවක් නෙමේ එක දවසින් කරන දෙයක්.”

Related posts

උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාවක්

Editor O

බම්බලපිටියේ ගොඩනැගිල්ලක් ගින්නක්

Mohamed Dilsad

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment