දේශීයව්‍යාපාරික

සීනි සඳහා වූ උපරිම මිළ ඉවතට

(UTV | කොළඹ ) – ඊයේ (28) සිට බල පැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කල ගැසට් නිවේදනයක් මගින් සීනි සඳහා පනවා තිබූ උපරිම මිළ ඉවත් කර තිබේ.

2018 වසරේ ඔක්තෝබර් 12 වනදා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පණවා තිබුණේය.

එම නියෝගයට අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 92 ක් ලෙසද , පැකට් කල සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිළ රුපියල් 105 ක් ලෙසද , පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිළ රුපියල් 100 ක් ලෙසද නියම කර තිබිණි.

Related posts

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරේ DNA සාම්පල එළියට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන චීනයේ ස්ථාවරය

Mohamed Dilsad

නාකොටික් එස්.අයි ගේ නිවස සෝදිසි කරයි

Mohamed Dilsad

Leave a Comment