දේශීය

මහමැතිවරණයට අදාළ මාර්ගෝපදේශ මැතිවරණ සභාපති වෙත

(UTV| කොළඹ) – මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත අවශ්‍ය මාර්ගෝපදේශ අද (03) නිකුත් කරනු ලැබූ බව සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අද මැතිවරණ කොමිසමත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් විසින් ඊට අදාළව සාකච්ඡා සිදු කරන කරන බවත් අමාත්‍යතුමිය සදහන් කරයි.

තැපැල් ඡන්දය කෙසේ පැවැත්විය යුතු ද, ඊට සහභාගී කරගත යුතු රාජ්‍ය නිලධාරීන් කවුරුන් ද මෙන්ම මැතිවරණ රැස්වීම් පැවැත්විය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති නිර්දේශවලට ඇතුළත්ව ඇත.

ඊට අමතරව මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යෑමේ කටයුතු කළ යුතු ආකාරය සහ මැතිරවණ දිනයේදී ඡන්ද ප්‍රකාශය සිදුකළ යුතු ආකාරය සහ ඡන්ද ගණන් කිරීම් සිදුකළ යුත්තේ කෙසේ ද යන්න ද මෙම නිර්දේශවල සඳහන්ව ඇත.

ඒවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට භාරදී ඇති අතර සෞඛ්‍යය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ මේ අනුව සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉක්මනින් ගැනීමට හැකිවනු ඇති බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

මාලිමාවේ “බඩුම තමා”, තිසා වැව් රක්ෂිතයේ නිවසක් ඉදිකරලා.

Editor O

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

Mohamed Dilsad

Leave a Comment