දේශීය

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

(UTV | කොළඹ) – අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදුකරන සේවාවන් මහජනතාවට සමීප කරවීම සඳහා විශේෂ ජංගම සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එය සියලු පළාත් ආවරණය වන පරිදි සිදුකිරීම සැලසුමයි.

උතුර පළාත මූලික කරගනිමින් එම කටයුතු ජනවාරි 28 ආරම්භ වන අතර, මෙහිදී පොදු ජනතාවට බලපාන නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙන්ම සංහිඳියාව පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීමද සිදුවනවා.

මත්ද්‍රව්‍ය භාවිත ගැටළු සහ ඉඩම් ගැටළු සම්බන්ධයෙන්ද ජංගම සේවාව මගින් පහසුකම් සැපයෙන අතර, රැකියා ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම්ද ඊට ඇතුළත් වීම විශේෂත්වයක්.

Related posts

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

Mohamed Dilsad

Leave a Comment