Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලර් බැඳුම්කර විකුණා ණය ගන්න කැබිනට් අනුමැතිය

මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳ පොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල් වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල් වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු මාසයේදී ආයෝජකයන්ගේ කැමැත්ත නිර්ණය කිරීම සඳහා පවත්වනු ලැබ ඇති වෙළෙඳපොළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, වසරකට අඩු කාලයක සිට වසර 03 ක කාලයක් තෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් දක්වා විවිධ ප්‍රමාණ වලින් ආයෝජනය කිරීමට ආයෝජකයින් විසින් උනන්දුවක් දක්වන බව තහවුරු වී ඇත.

ඒ අනුව, කෙටි කාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස, දැනට පවතින නෛතික රාමුව තුළ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දේශීය ඩොලර් බැදුම්කර නිකුත් කිරීමට අදාළ කටයුතු ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

கோலாகலமாக இனிதே நடைபெற்ற ஆர்யா-சாயிஷா ஜோடியின் திருமணம்..! (PHOTOS)

Mohamed Dilsad

වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

விமானப்படை போர்ப்பயிற்சி கல்லூரியின் ஜனாதிபதி விருது வழங்கும் நிகழ்வு ஜனாதிபதி தலைமையில்

Mohamed Dilsad

Leave a Comment