දේශීය

වැසි තත්ත්වය තවදුරටත්

(UTV |කොළඹ) – ඊයේ රාත්‍රියේ සිට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

උතුරු මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

එසේම, ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

උතුරු-දකුණු ජනහදවත් ජයගෙන, රිෂාඩ්ගේ පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට පත්වූ සභිකයන් 140 දෙනෙක් දිවුරුම් දෙති.

Editor O

එජාපයේ ජාතික ලැයිස්තුව ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

කොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසර

Mohamed Dilsad

Leave a Comment