දේශීය

මෙම වසරට නිල ඇදුම් වවුචර්පත් බෙදා දීම අද සිට

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාදීම අද (08) සිට ආරම්භ වේ.

රජය මෙවර නිල ඇඳුම් තිළිණ පත් ලක්ෂ 42 ක් වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2900 ක් වන අතර අදාළ තිළිණපත් රුපියල් 440 සිට 1800 දක්වා වටිනාකම් කාණ්ඩ 11 කින් සමන්විතයි.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට නිල ඇඳුම්වලට අමතරව දුෂ්කර සහ අතිදුෂ්කර පාසල් ලෙස හඳුනාගෙන ඇති පාසල්වල දරුවන් සඳහා පාවහන් ලබාදීම වෙනුවෙන් තිළිණපත් ලක්ෂ 7 ක්ද බෙදා දී තිබේ.

Related posts

දේශබන්දුගේ හැසිරීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

විපක්ෂය ජනපතිගෙන් කළ ඉල්ලීමට හිටපු කථානායකවරයාගේ අනුමැතිය

Mohamed Dilsad

ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරේ

Mohamed Dilsad

Leave a Comment