Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 04ක් ඉල්ලා අස්වීමේ සූදානමක්….?

ලබන වසරේ මුල් මාස තුන ඇතුළත පළාත් සභා ඡන්දය පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු තම මන්ත්‍රී ධුර අත්හැරීමට සූදානම් බවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර තිබේ.

මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ, පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී, සමගි ජන බලවේගය වෙනුවෙන් අදාළ පළාත්වල ප්‍රධාන අමාත්‍ය ධුර සඳහා තරග කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේදී තම ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්, එහෙත් පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේදී ජනතාවට වඩා හොඳින් සේවය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රැසක් හිමිවන බවත් එම මන්ත්‍රීවරුන් සිව්දෙනා මෙහිදී විපක්ෂ නායකවරයාට පැහැදිලි කර ඇත.

Related posts

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

Editor O

“True Muslims reject extremism” – Kabir Hashim

Mohamed Dilsad

President signs death penalty for 4 convicts

Mohamed Dilsad

Leave a Comment