Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසිය, පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් වැටුප් ලබන පිරිසක් ද…? – විමල් වීරවංශ

තමා පොලිසියට ලබා දුන් කට උත්තරය විකෘති කරමින් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ පුවක් දණ්ඩාවේ සඳහා නැමැති පුද්ගලයා සමග ජනතා විමුක්ති පෙරමුණේ ඇති සම්බන්ධතාවය පිළිබඳ කරුණු දක්වමින් සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වගකීම තමන් තවදුරටත් දරන බවයි.

පොලිසිය විසින් දේශපාලන උවමනාවන් මත කරුණු විකෘති කරමින් සිටින බවත් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් වැටුප් ලබන පිරිසක් සේ කටයුතු කරමින් සිටින බවත් ඔහු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කර තිබෙනවා.

Related posts

අම්ෆන් අද තවත් ප්‍රචණ්ඩ වෙයි

Mohamed Dilsad

මෙරට සුව වූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment