Trending Newsඑසැන පුවත්දේශීය

වැව්වල සීමා සලකුණු කිරීමට උත්සවයක්

අලින්ට පෝෂණ කලාප සැකසීමේ ව්‍යාපෘතිය හා තෝරාගත් ප්‍රධාන වැව්වල සීමාවන් සලකුණු කිරීමේ සමාරම්භක උත්සවය කරුවලගස්සවැව තබ්බෝව ජලාශය ආශ්‍රිතව ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

තුනක් පුරා මෙම වැඩසටහන පරිසරවේදීන්, ස්වේච්ඡා සංවිධාන, ගොවි සංවිධාන, පරිසර හිතැති සැමගේ සහයෝගය සහිතව ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ ජාතික වැඩසටහන පළමු පියවර අනුරාධපුර, පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවමින් තිබේ.

Related posts

මන්නාරම උප්පුක්කුලම් ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහනාධාර බෙදයි

Editor O

நாளை11 மணித்தியாலங்கள் நீர் வெட்டு

Mohamed Dilsad

பிறந்து சில நாட்களே ஆன சிசுவிற்கு தாய் செய்த காரியம்…

Mohamed Dilsad

Leave a Comment