Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට වුණේ මොකක්ද ? – විදේශ ඇමති විජිතගෙන් පැහැදිලි කිරීමක්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යෝජනාව සම්බන්ධයෙන් සහ එම සැසිවාරයේ දී ප්‍රකාශ කළ රජයේ ස්ථාවරය පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට අදාළ 60-L 01 දරණ යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් අවශ්‍යද යනුවෙන් කවුන්සිලයෙන් විමසීමක් සිදු කළ අවස්ථාවේදී, එයට ප්‍රතිචාර දක්වමින් කිසිදු රටක් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන්, මානව හිමිකම් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කළේ අදාළ යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වූ බවයි.

මෙම යෝජනාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 01 වන දින ඉදිරිපත් කරන ලද අතර, එහි ප්‍රධාන සම-අනුග්‍රාහකයන් ලෙස එක්සත් රාජධානිය, කැනඩාව, මලාවී ඇතුළු රටවල් පහක් කටයුතු කරයි. යෝජනාව මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳ කරුණු වෙතය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය සමුළුව අමතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව විසින් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි.

විශේෂයෙන්ම, යෝජනාවට ඇතුළත් කර ඇති ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම ගැන ඇය කණගාටුව පළ කළාය

.මීට අමතරව, ශ්‍රී ලංකාව බලහත්කාරී ජාත්‍යන්තර ක්‍රියාමාර්ග පිළිගැනීමට සූදානම් නොවන බවත්, වගවීම සඳහා යෝජනා කර ඇති බාහිර යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඇය අවධාරණය කළාය.

රජය විසින් සංහිඳියාව සහ මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු තීරණාත්මක පියවර කෙටි කලක් තුළ ගෙන ඇති බවත්, දේශීය සන්දර්භය තුළ ජාතික ක්‍රියාවලීන් ශක්තිමත් වෙමින් පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.

එබැවින්, වඩාත් සාධාරණ වන්නේ දේශීය ක්‍රියාවලීන් මගින් ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට ඉඩ ලබා දීම බවද ශ්‍රී ලංකා නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කර ඇති ක්‍රියාදාමය තවත් අවුරුදු දෙකක කාල සීමාවකට දීර්ඝ කිරීමට තීරණය කර ඇත. මෙම දීර්ඝ කිරීමට අදාළ යෝජනාවට රටවල් 22ක් සම-අනුග්‍රාහකයන් ලෙස අත්සන් තබා සහයෝගය පළ කර තිබේ.

මෙම යෝජනාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පත ඔක්තෝබර් පළමු වන දින ජිනීවා නුවරදී ඉදිරිපත් කෙරිණි..

යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් අතරට එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඇතුළත් වන අතර, අනෙකුත් අතිරේක අනුග්‍රාහකයන්ගෙන් වැඩි දෙනෙක් යුරෝපීය රාජ්‍යයන් වීම විශේෂත්වයකි.

Related posts

It’s Disney’s turn to launch a streaming service

Mohamed Dilsad

Army launches inquiry to identify suspected Military Personnel

Mohamed Dilsad

මාර්ගට් රොබී බාර්බි ඩෝල් චරිතයකට පන පොවයි…

Mohamed Dilsad

Leave a Comment