දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – මහකොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (18) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

හෙට පස්වරු 8 සිට පසුදා පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

Related posts

අද දුම්රියේ ගෙදර යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

විපක්ෂයට කංචනගෙන් ආරාධනාවක්

Mohamed Dilsad

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

Leave a Comment