දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – මහකොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (18) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

හෙට පස්වරු 8 සිට පසුදා පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

Related posts

විදුලි කප්පාදුව සිදුවන ආකාරය ගැන විස්තර දැනගන්න ක්‍රමවේදයක්

Editor O

පොහොට්ටුවේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට පහරදීමක්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment