දේශීය

අද දුම්රියේ ගෙදර යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

අද (02) දිනයේ කාර්යාල දුම්රිය ඇතුළුව දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

 

ඒ අනුව අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 8 ක් පමණ අවලංගු වූ බවත් සවස් කාලයේ මෙය තවදුරටත් ඉහළ යා හැකි බවයි අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

 

දුම්රිය ස්ථාවල කාර්ය මණ්ඩල හිඟවීම හේතුවෙන් නිසි පරිදි සේවා සැපයීමේ අපහසුතාවක් ඇති බවත් මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

 

මේ සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එහිදීද විසඳුමක් නොලැබුනහොත් අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

Related posts

සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්

Mohamed Dilsad

‘එක රටක් එක නීතියක්’ : ජනපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ඥානසාර හිමිට

Mohamed Dilsad

විජේදාස රාජපක්ෂ සහ සුහද ගම්ලත් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment