දේශීය

විජේදාස රාජපක්ෂ සහ සුහද ගම්ලත් ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – හෙට (17) දිනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරුන්ට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමේදී පාඩු වූ බව පවසමින් සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහා ඔවුන්ට මෙම කැදවීම සිදුකර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති කොමිසම විසින් ඊයේ (15) දිනයේ ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ඔවුන්ට ද හෙට දිනයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.

Related posts

වෛද්‍ය උපකරණවලත් දැවැන්ත හිඟයක් ?

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළට ලොකු තනතුරක්

Editor O

කරාපිටිය රෝහලේත් වාට්ටුවක් වැසේ

Mohamed Dilsad

Leave a Comment