දේශීය

ඊයේ රෝගීන් සියලු දෙනා විදේශ සිට පැමිණි අයයි

(UTV | කෝවිඩ්-19) – ඊයේ (15) දිනයේ හදුනාගැණුනු රෝගීන් 16 දෙනා අතුරෙන් හය දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කුවේට්හි සිට පැමිණ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට, බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙකුට සහ ලාහෝර් සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඊට අමතරව නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද ඊයේ දිනයේදි කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රෝහල්ගත රෝගීන් 552 කු ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1342කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

කතානායකගෙන් කැපිල්ලක්

Editor O

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයි…?

Editor O

Leave a Comment