Trending Newsඑසැන පුවත්දේශීය

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයි…?

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට, විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ.

කෝප් කමිටුව සාමාජිකයන් 31 දෙනෙකුගෙන් සංයුක්ත වන පොදු ව්‍යාපාර කාරක සභාවේ විපක්ෂයට සාමාජිකයන් 12ක නියෝජනයක් ඉල්ලා සිටියත් එය හත් දෙනෙකුට සීමා කිරීම නිසා උක්ත තීරණයට එළඹ ඇති බවටයි වාර්තා වුණේ. කෝප් කමිටුවේ සභාපති ධූරයද ආණ්ඩු පක්ෂය විසින් ලබාගෙන ඇති හෙයින් ඊටද විපක්ෂයේ විරෝධය එල්ල වී තිබේ. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බවයි විපක්ෂය පවසන්නේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පසුගිය (09) පත්කරන ලදී. මේ අතර කෝප් කමිටුවේ ප්‍රථම හමුවට සහභාගී වී ඇත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු පමණක් බවද සඳහන්.

කෝප් කමිටුවේ සභාපති ධූරය ආණ්ඩු පක්ෂය විසින් ලබාගැනීම පිළිබඳව මීට ඉහතදී ආණ්ඩුව විසින් සිය මතය ප්‍රකාශ කර තිබුණි. වත්මන් රජයට විමර්ශනය කිරීමට සිදුව ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව වන හෙයින් ඊට සම්බන්ධ පක්ෂ හා කණ්ඩායම්වල නියෝජිතයින් වෙත සභාපති ධූරය ලබාදීම ගැටළු සහගත බවටයි ආණ්ඩුව පවසා තිබුණේ.

Related posts

සහල් මිල ඉහළ ට.

Editor O

අතුරුගිරියේදී වසන්තට වෙඩි තැබූ සැකකරුවන් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Editor O

Tennis: Nadal sends injured Ferrer into Grand Slam retirement

Mohamed Dilsad

Leave a Comment