Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් මිල ඉහළ ට.

මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සහල් වෙළෙදපොළට කොන්දේසි පනවමින් සහල් තොග නිකුත් කිරීම නිසා දේශීය වෙළඳපොළේ නාඩු සහල් මිල ඉහළ ගොස් ඇති බවත්, වැඩි ඉල්ලුමක් සහිත සහල් වෙළෙඳපොළට නොලැබීම නිසාත්, වෙළෙඳපොළේ සහල් හිඟයක් තිබෙන බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දි ගැනිමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දි ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනිමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දි ගත යුතු බවත්, කොන්දේසි දමා සහල් තොග අළෙවි කිරීමට උත්සාහ කරන බවද ව්‍යාපාරිකයෝ කියති. එනමුත් කිරි සම්බා තොග පමණත් වැඩියෙන් තම වෙළෙඳසැල් තුළ තිබෙන බවද, ව්‍යාපාරිකයෝ සඳහන් කරති. කීරි සම්බා රු 260 ට අළෙවි කළ යුතු බවත්, නාඩු සහල් කිලෝවක් රු. 230ක ට අළෙවි කිරීමටත් සිදුවීම නිසා ලාබ පරතරය ප්‍රමාණවත් නොවීමෙන් සහල් අළෙවියෙන් පාඩු ලැබීමට සිදුව ඇතැයි ද සහල් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

වෙළෙඳපොළේ කැකුළු සහල් කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 210-230 අතර මිල ගණන් වලට බවද වෙළෙඳුන් සඳහන් කරති.

Related posts

பிரிட்டிஷ் பிரதம மந்திரி தெரேஷா மே பதவில் இருந்து ராஜினாமா

Mohamed Dilsad

පක්ෂ ලේකම්ගේ ලිඛිත දැනුම් දීම් පමණක් පිළිගන්නවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන මැතිවරණ කොමසාරිස් කියයි.

Editor O

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දෙවන වරටත් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment