Trending Newsඑසැන පුවත්දේශීය

තංගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මළ සිරුරු 02ක්

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවී තිබෙන බව , පොලීසිය පවසයි.

අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක එම මළ සිරුරු දෙක හමු වූ බව පොලිසිය පැවසූ අතර, එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ඇති වූ හදිසි අසනීප ත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළව ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද පොලීසිය කියයි.

පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ, සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද සොයා ගත් බවයි

රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවත්, සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ.

Related posts

முஸ்லிம் பாடசாலைகள் இன்று மீண்டும் ஆரம்பம்

Mohamed Dilsad

இருளில் மூழ்கிய வெனிசூலா:15 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

மட்டக்குளி கதிரானவத்த வீதியின் அங்குரார்ப்பண நிகழ்வு

Mohamed Dilsad

Leave a Comment