Trending Newsඑසැන පුවත්දේශීය

මත්තල ගුවන් තොටුපොළ ට වනජීවී කාර්යාලයක්

මත්තල ගුවන්තොටුපොළේ වනජීවි කාර්යාලයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වනඅලි ආදී වනජීවීන් වරින්වර ඇතුළු වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා මාරුවීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම්වලට හානි සිදුවන අවස්ථාවන් බහුල වන අතර, එහි මෙහෙයුම්වලට ද බලපෑම් ඇති වී ඇතැයි රජය පවසයි.

එලෙස යටිතල පහසුකම්වලට සිදුවන හානි පිළිසකර කිරීමට සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා පෞද්ගලික) සමාගමට දැරීමට සිදුවන පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ වන බව ද හඳුනාගෙන ඇත. 

එබැවින්, එවැනි වනසත්ව තර්ජන කල්තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ගුවන් මගීන්ගේ, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ගුවන්තොටුපොළ මෙහෙයුර්වල සිදුවිය හැකි ප්‍රමාදයන් සහ අවහිරතාවන් අවම කර ගනිමින් නිර්බාධිත ගුවන් සේවාවක් පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි මෙම වනජීවි කාර්යාලය ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

ரூ. 87க்கு மேல் கோதுமை மா விற்றால் கடும் சட்டநடவடிக்கை

Mohamed Dilsad

West Indies beat Afghanistan by 23 runs

Mohamed Dilsad

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment