Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක්ද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර, නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බවත් 17 හා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළ සංවරණ හා තුළන ක්‍රමවේදය තුළ මෙරට පොලිස් සේවාව අපක්ෂපාතීව ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බලය දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

පොලිස් සේවාව තුළ සිදු කරන ස්ථාන මාරුකිරීම් තනි අතකට එනම් පොලිස්පතිවරයාට පැවරී ඇති බවත් මේක පොලිස් රාජ්‍යයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් මේ රටේ සංවරණ හා තුළන තිබිය යුතු බවත් පොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙක් කළ නොහැකි බවත් පොලිස් කොමිෂම සතු බලතල පොලිස්පතිවරයාගේ තනි අතට ලබා දීම ගැන විපක්ෂයක් ලෙස පොදුවේ විරෝධය පළ කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Related posts

புலிகள் இயக்கதினை மீள உருவாக்க முயற்சித்த குற்றச்சாட்டில் ஒருவர் கைது

Mohamed Dilsad

ஓமல்பே சோபித்த தேரருக்கு மேடையில் வைத்து பதில் வழங்கிய ரிஸ்வி முப்தி (video)

Mohamed Dilsad

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment