දේශීය

මැයි 06 : හර්තාල් කමිටුවෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ) – මැයි 06 දින හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව,

– සියළු ආගමික සිද්ධස්ථාන වල උදේ 8.30 සිට 9.00 දක්වා ශබ්ද පූජා පවත්වන්න.

– උදේ 8.30 සිට 9.00 දක්වා කාලය තුල, මාර්ගයේ ගමන් කරන වාහන වල නලා හඩ අඛණ්ඩව නාද කරන්න.

– නිවස ඉදිරිපිට කළු කොඩි ඔසවන්න.

– ළගම ඇති මාර්ගයට, නගරයට ඒකරාශී වන්න. අවශ්‍ය ආහාර මාර්ගය අසල සාමූහිකව පිළියෙල කරන්න.

– අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී නිල ඇදුම භාවිතයෙන් වලකින්න.

– හැකිතාක් කළු වර්ණයෙන් සැරසෙන්න

– මහජන දේපලට හානි නොකරන්න.

– ප්‍රචණ්ඩ හැසිරීමකට ඉඩ නොතබන්න

හය වෙනදා පැය විසි හතරක හර්තාලය සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට උත්තර නැත්නම්, ආණ්ඩුව ගෙදර යන තුරු සිදු කරන අඛණ්ඩ වර්ජනය සහ අඛණ්ඩ හර්තාලය අප්‍රේල් 11 සිට ඇරඹෙන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියා සිටියි.

Related posts

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

එරාවුර් තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරිගේ වැඩ තහනම්

Mohamed Dilsad

ගුරු – විදුහල්පති වර්ජනයෙන් අධ්‍යාපන කටයුතු අඩාලයි

Mohamed Dilsad

Leave a Comment