Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ විනිශ්චයකාරවරු මාරු කිරීම ගැන විමර්ශනයට, විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

අධිකරණ විනිසුරුවරුන්ගේ මාරු කිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව ලබන පාර්ලිමේන්තු සතියේදී කථානායක ජගත් වික්‍රමරත්න ට බාර දෙන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ, ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නියෝජිතයින්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කථානායකවරයාට බාර දෙන බවයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, පසුගිය කාලය තුළ අධිකරණ විනිසුරුවරුන්ට උසස් වීම් ලබාදීම සහ මාරු කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම විපක්ෂය වෙතට යොමු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රය තුළද විශාල කතාබහක් සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.

“මෙම සියලුම කරුණු සැලකිල්ලට ගෙන මේ ගැන සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටීමට විපක්ෂය තීරණය කළා,” යැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.

අධිකරණ ක්ෂේත්‍රය තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවීම අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය සම්බන්ධයෙන්ද බලපෑමක් ඇතිවීමට ඉඩ ඇති නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවද මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් මෙම කරුණු ගැන දීර්ඝව සහ නිවැරදිව අධ්‍යයනය කළ හැකි බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

අකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්

Mohamed Dilsad

බිබිල – චෙන්කලඩි දක්වා මාර්ගය ජනතා අයිතියට

Mohamed Dilsad

ரிக்கி பொன்டிங் அவுஸ்திரேலிய அணியின் பயிற்றுவிப்பாளராக நியமனம்

Mohamed Dilsad

Leave a Comment