දේශීය

අකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්

(UTV | කොළඹ) –  අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ විසින් අභියාචනාධිකරණයෙහි අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ඒ, කොළඹ මහාධිකරණය ලබා දුන් වසර 15 ක සිර දඩුවම අභියෝගයට ලක්කරමින්

තමා යටතේ සේවය කළ අඹු සැමි යුවලකගේ බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට වසර 15 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය 09 වැනිදා නියෝග කළහ.

රුපියල් 25,000 ක දඩ මුදලක් සහ වින්දිත පාර්ශ්වයට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද මහාධිකරණය එහිදී නියෝග කළේය.

කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව දෝෂ සහිත බවත් එම නිසා එම තීන්දුව ඉවත දමා තමා නිදහස් කරන ලෙසට විත්තිකරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත්වෙයි

Mohamed Dilsad

වෛද්‍ය මහීපාල ට ලොකු තනතුරක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට කැඳවීමේ සූදානමක්…?

Editor O

Leave a Comment