Trending Newsඑසැන පුවත්දේශීය

ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වෙති

මැල්සිරිපුර, පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ යොදවා තිබූ කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් ඊයේ (24) රාත්‍රියේ සිදුවූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 07 නමක් අපවත් වී ඇතැයි පොලීසිය කියයි.

අපවත් වූ හිමිවරුන් අතර රුසියානු භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු, කාම්බෝජ භික්ෂූන් වහන්සේනමක සහ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා සිව් නමක් වන බව සඳහන්.

අනතුර වන අවස්ථාවේ කේබල් ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13 නමක් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

ඔවුන් මෙම කේබල් ඩක්කුවේ නැඟී කඳු මුදුනේ පිහිටි භාවනා කුටි කරා ගමන් කරමින් සිටියදී කඳු මුදුනට ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා විය.

අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා ප්‍රතිකාර සඳහහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.

Related posts

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

Huge blasts as Russian arms depot in Siberia explodes

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් කොළඹ අපරාධ කොට්ඨාශයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment