Trending Newsඑසැන පුවත්දේශීය

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සඳහා දේශපාලකයින් සම්බන්ධයි – ඇමති ආනන්ද විජේපාල

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. . කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව ඒ ගැන අවධානයක් යොමු කර ඇතැයිද කීවේය.

“අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.” යැයිද කීවේය.

Related posts

ජනාධිපති හිමිකම් පනත ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

Editor O

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

Irish Anti-Abortion Doctors in conscientious objection row

Mohamed Dilsad

Leave a Comment