Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ජාවා Lounge වෙත සම්මාන හතරක්

මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී වසරේ ව්‍යවසායිකාව (ජාතික මට්ටම), වසරේ ව්‍යවසායිකාව (බස්නාහිර පළාත), ජාතික රිදී සම්මානය (මහා පරිමාණ අංශය) සහ පළාත් රන් සම්මානය (මහා පරිමාණ අංශය – බස්නාහිර පළාත) ඇය දිනූ සම්මාන වේ.

Java Lounge රට පුරා විහිදුණු ශාඛා ගණනාවක් සහිත මෙරට විශාලම සහ වඩාත් විශ්වාසනීයම කෝපි අවන්හල් ජාලය බවට පත් කිරීමට ඇය සැපයූ විශිෂ්ට දායකත්වය එහිදී ඇගැයීමට ලක් විය. අනර්ඝ කෝපි පානයක් රස විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සළසන බැරිස්ටාවරුන්ගේ සිට මුළුතැන්ගෙය, බේකරි, සහ චොක්ලට් නිෂ්පාදන යන සියලුම අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාමූහික ව්‍යායාමය වෙනුවෙන් ලැබුණු ඇගැයීමක් ලෙසද එය හැඳින්විය හැක. “අපගේ කළමනාකරණ අධ්‍යක්‍ෂතුමිය වන අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය Java Lounge කාර්ය මණ්ඩලයද සමග වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් වීම අපට විශාල ආඩම්බරයක්. නායකත්වය සඳහා ලැබුණු පිළිගැනීමකටත් වඩා කැපවීමෙන් යුතුව පාරිභෝගිකයන්ට ඉතා ඉහළ සහ ගුණාත්මක සේවාවක් සැපයීම වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ලැබුණු ඇගැයීමක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. බැරිස්ටාවරුන්ගේ සිට බේකරි, චොක්ලට්, මෙහෙයුම් සහ අනෙකුත් සහායක අංශවල සේවය කරන සියලු දෙනාටම මේ සම්මාන අයිතියි.” ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

“Premiership given to Ranil as a respect to Parliamentary traditions, democracy” – President

Mohamed Dilsad

இன்று காலை இடம்பெற்ற பதறவைக்கும் முச்சக்கர வண்டி விபத்து!! ஒருவர் பலி ; 2 சிறுவர்கள் படுகாயம்

Mohamed Dilsad

Leave a Comment