Trending Newsඑසැන පුවත්දේශීය

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සඳහා දේශපාලකයින් සම්බන්ධයි – ඇමති ආනන්ද විජේපාල

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. . කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව ඒ ගැන අවධානයක් යොමු කර ඇතැයිද කීවේය.

“අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.” යැයිද කීවේය.

Related posts

கைது செய்யப்பட்ட 64 பேரின் விளக்கமறியலும் நீடிப்பு

Mohamed Dilsad

Anura Senanayake bailed out

Mohamed Dilsad

රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

Mohamed Dilsad

Leave a Comment