Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිරවෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පවතින උග්‍ර සේවක හිඟය නිසා මේ වන විට රාජ්‍ය නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස් යොමු කළ වත්කම් බැරකම් ප්‍රකාශ ලක්ෂ ගණනක් එම කොමිෂන් සභාව තුල ගොඩ ගැසී ඇති බව වාර්තා වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට 967ක සේවක මණ්ඩලයක් අවශ්‍ය නමුත් මේ වන විට සිටින්නේ එයින් අඩකටත් අඩු පිරිසක් වීම ඊට හේතු වී ඇත.

මේ තත්ත්වය මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ රාජකාරියේ නියුතු සේවකයින් දැඩි අපහසුතාවන්ට මුහුණපා ඇති බව වාර්තාවේ.

රාජ්‍ය නිලධාරීන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මේ වනවිට වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු අනිකුත් පාර්ශවද වත්කම් බැරකම් ප්‍රකාශ දී ඇති බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මුහුණ දෙන මෙම සේවක හිඟය ගැන එහි අධ්‍යක්ෂ ජනරාල් හිටපු විනිසුරු රංග දිසානායක ජනාධිපතිවරයාට මෙන් ම පාර්ලිමේන්තුව ද දැනුවත් කර තිබුණත් මෙතෙක් කිසිදු සාර්ථක විසඳුමක් ලැබී නැති බව එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.

Related posts

கிழக்கு பல்கலைக்கழக திருகோணமலை வளாக கற்றல் செயற்பாடுகள் மறு அறிவித்தல் வரை இடைநிறுத்தம்

Mohamed Dilsad

“Current govt undermined national security” -Gotabaya – [VIDEO]

Mohamed Dilsad

අපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.

Editor O

Leave a Comment