Trending Newsඑසැන පුවත්දේශීය

අපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, මහරගම අපේක්ෂා රෝහලේදී සිදුකළ ප්‍රකාශයත් සමග අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කිරීම සඳහා දකුණු පළාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එකමුතු වෙමින් සිටින බව වාර්තා වේ.

භෞතිකවාදී, නිරාගමික පසුබිමකින් හෙබි වත්මන් ආණ්ඩු පක්ෂය මේ වනවිට කටයුතු කරන ආගම් විරෝධී ස්වරූපයට එරෙහිව විරෝධය පළ කළයුතුය යන ස්ථාවරයෙන් යුතුව භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් එකඟතාවන්ට පැමිණ ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

රටේ බෞද්ධ සංස්කෘතිය සමග සතර මහා දේවාල ඇතුළු අනෙකුත් දේවාල ද ඓතිහාසිකවම එකට බැඳී පවතින අතර එකී දේවාල සහ දෙවිවරුන් හෑල්ලුවට ලක්කරන ප්‍රකාශයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරයත් දරණ කැබිනට් ඇමතිවරයා විසින්ම ප්‍රසිද්ධ සභාවකදී සියලු ජන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම නොසලකා හැරිය නොහැකි තත්වයක් බවද, නායක ස්වාමීන් වහන්සේලා සඳහන් කරති..

ඒ අනුව, ඇමති නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයත් ඊට පෙර සිදුවීම් කිහිපයකුත් එක පෙළට ගෙන සලකා, භෞතිකවාදීන් බව කියන වත්මන් ආණ්ඩුවේ ආගම් විරෝධී ස්වරූපයට එරෙහිව සංවිධානය යුතු බවට උන් වහන්සේලා තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Related posts

Japanese Expert Team submits report to minimize the disaster situations

Mohamed Dilsad

විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

Mohamed Dilsad

மக்களுக்கு உடனடியாக நிவாரணம் வழங்கும் திட்டத்தை ஆரம்பிக்குமாறு கோரிக்கை [VIDEO]

Mohamed Dilsad

Leave a Comment