Trending Newsඑසැන පුවත්දේශීය

අපේ පෞද්ගලික මුදල් දේශපාලන කටයුතුවලට යොදා ගන්නේ නැහැ – ජගත් මනුවර්ණ

ජාතික ජනබලවේගය සාමාජිකයන්ට පෞද්ගලිකව කොපමණ මුදල් තිබුණත් ඒවා දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් මනුවර්ණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ඔහුට අනුව මැතිවරණ හා වෙනත් දේශපාලන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් සපයන්නේ පක්ෂය හෝ ඊට සහය දෙන ජනතාව විසිනි.

මනුවර්ණ මහතා අවධාරණය කළේ, මෙම ප්‍රතිපත්තිය තමන්ට මෙන්ම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, වසන්ත සමරසිංහ සහ හරිනි අමරසූරිය ඇතුළු සියලුම දෙනාට පොදු බවයි.

පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ කිසිවකු හෝ තම පෞද්ගලික ධනය දේශපාලනය සඳහා වැය නොකළ යුතු බව බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

The proposal for granting OMP member’s allowances to be presented the parliament today

Mohamed Dilsad

ඇදිරි නීතිය දමා කල කැපකිරීම් වතුරේ ගියා – සෞඛ්‍ය බලධාරීන්

Mohamed Dilsad

India remains committed to strengthen bilateral partnership with Sri Lanka

Mohamed Dilsad

Leave a Comment