දේශීය

ඇදිරි නීතිය දමා කල කැපකිරීම් වතුරේ ගියා – සෞඛ්‍ය බලධාරීන්

(UTV |කොළඹ) -කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඊට හේතුව වී ඇත්තේ රජය ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙනි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි මාර්ගවල වාහන විශාල ලෙස ඊයේ දිනයේ ධාවනය කෙරුණි.

පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

රටේ ජනතාව ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණි සිටි බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක‍්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද ඔහු පැවසුවේය.

Related posts

අධිභාර පණතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් 3123 දක්වා ඉහළට

Mohamed Dilsad

‘ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වෙලා..’

Mohamed Dilsad

Leave a Comment