දේශීය

‘ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වෙලා..’

(UTV | කොළඹ) – දේශපාලන ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්නොත් ජනතා අධිකරණය හමුවේ ඒවාට ප්‍රතිචාර විදින්නට සිදු වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (27)පැවසීය.

පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කර ගැනීමේ විවාදයට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

අද ආණ්ඩුව “හදිසිය” ගැන කතා කරන නමුත් ජනතාවට ති⁣බෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නැති ජීවත් වීම පිළිබඳ හදිසියක් යැයිද ආණ්ඩුවට තිබෙන්නේ තර්ජනය ගර්ජනය රාජ්‍ය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන හදිසි යැයිද විපක්ෂ නායකවරයා කීය.

ජනපතිගේ මෙන්ම අගමැති සභානායක තුමන්ලාගේ සිහිනය සැබෑ වුණ නමුත් ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වී තිබෙන බවද විපක්ෂනායකවරයා කීය.

Related posts

ඝෝෂාකාරී වාදනයන් සිදුකරන බස්රථවලට අද සිට වැඩ වරදියි

Mohamed Dilsad

පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරයි.

Editor O

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment