දේශීය

සිංහ පැටව් උපතක්

(UTV |හම්බන්තොට) – හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ (17 වැනිදා) සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබේ.

උද්‍යානය භාර නිලධාරියෙකු සදහන් කළේ ඊයේ පස්වරු 4.45ට පමණ මෙම පැටවුන්ගේ උපත සිදුවූ බවයි.

එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවකි.

පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙකි.

ෂිනා නමැති මෙම සිංහ ධේනුව විසින් මීට පෙර සිංහ පැටවුන් සිව්දෙනෙකු බිහිකළ අතර, ඉන් එක් සිංහ පැටවෙකු 2017 වසරේදී සිංහ රෙජිමේන්තුවට පිරිනමා ඇත.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා ආසාධනය වෙයි

Mohamed Dilsad

තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස බද්දේගම මහා ජන රැළියේදී කියයි.

Editor O

මත්පැන් බලපත්‍රධාරීන් ට, බදු පිළිබඳ එක්දින වැඩමුළුවක්

Editor O

Leave a Comment