Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මත්පැන් බලපත්‍රධාරීන් ට, බදු පිළිබඳ එක්දින වැඩමුළුවක්

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වැඩමුළුව මෙම මස 14 දින පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ, සහ නව්‍යකරණ අංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සංවිධානය කර ඇති ඊට එම ආයතන නියෝජනය කරන නිළධාරීන් රැසක් සහභාගී වනු ඇත.

මත්පැන් බලපත්‍රධාරීන්ට බදු ක්‍රම, වර්තමාන රෙගුලාසි, සහ අදාළ නීති ප්‍රතිපාදනවලට අනුව මෙහෙයුම් පවත්වාගෙන යාම පිළිබඳ යාවත්කාලීන කිරීම් සහ මාර්ගෝපදේශ රැසක් ලබා ගත හැකි ආකාරයෙන් එය සැලසුම් කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීන් සමඟ සෘජුව සම්බන්ධ වී ගැටලුවලට පිළිතුරු ලබා ගැනීමටත්, ඉදිරියේදී සිදු වීමට නියමිත වෙනස්කම් පිළිබඳව දැනුම්වත් වීමටත් සහභාගී වන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත. වැඩමුළුවට අමතරව එදින විනෝදාත්මක අංග රැසකින් පිරි සුහද හමුවක්ද පැවැත්වීමට නියමිතය. විවෘත සාකච්ඡා තුළින් මත්පැන් බලපත්‍රධාරීන් සහ අදාළ ආයතන අතර ශක්තිමත් සහ සුහදශීලී සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ බව සංවිධායක මණ්ඩලය සඳහන් කළේය. සහභාගී වීම සහ අනිකුත් පහසුකම් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් සංවිධායක කණ්ඩායමේ සාමාජිකයින් සම්බන්ධ කර ගෙන ආසන වෙන් කර ගත යුතුය. ධනංජය – 0777444228, තංගවේලු – 0777807883, චතුරංග – 0778411777.

Related posts

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර ලබාදෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාරවල මිලත් ඉහළට

Mohamed Dilsad

Two dead, 2 injured after train hits car in Kattuwa – Negombo

Mohamed Dilsad

Leave a Comment