දේශීය

තෙල් ගහන්න වාහන අංක තහඩු මාරු කළොත් හිරේ

(UTV | කොළඹ) – මෝටර් වාහනවල අංක තහඩුව ඉවත් කර සතියේ දවසට අදාළ වන පරිදි වෙනත් මෝටර් වාහනයක අංක තහඩු සවි කරමින් වංචනික ලෙස භාවිත කර ඉන්ධන ලබා ගන්නා රියැදුරන් සහ වාහන වහා අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

ඒ අනුව, ඉන්ධන පිරවුම් හල්වල රාජකාරි නිරත නිලධාරීන්ට වාහනයේ වර්ගය, මාදිලිය, නිෂ්පාදිත වර්ගය පිළිබඳ සැලකිල්ලෙන් යුතුව අංක තහඩු නිරීක්ෂණය කර සැකසහිත වාහන අත්අඩංගුවට ගෙන විමර්ශන කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

2009 අංක 08 සංශෝධිත මෝටර් වාහන පනත යටතේ 68 වගන්තියෙන් සංශෝධිත මෝටර් වාහන පනතේ 232 (ආ) (ඊ) සඳහන් වන පරිදි මෙම විමර්ශනය සඳහා නීතිමය ප්‍රතිපාදන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

මේ අතර, මෝටර් වාහනයක අංක තහඩුව ඉවත් කර වෙනත් අංක තහඩුවක් සවිකර ඇති බවට හෝ අංක තහඩුවක ඉලක්කම් හෝ අකුරු විකෘති කර ඇති බවට අනාවරණය වන අවස්ථාවක 2009 අංක 08 සංශෝධිත මෝටර් වාහන පනතේ 17 වගන්තියෙන් සංශෝධනය වූ මෝටර් වාහන පනත යටතේ නඩු පැවැරිය හැකි බව ද හෙතෙම පවසා තිබේ.

මෙම වරද උපලේඛන ගත වරදක් වුවද අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල මහජන සාමය කඩවීමට හේතු වන වරදක් බැවින් නඩු පැවැරීමට කටයුතු කළ යුතු බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සියලු ම පොලිස් නිලධාරීන් දැනුවත් කර ඉන්ධන පිරවුම්හල් අසල මහජන සාමය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම නිලධාරීන්ගේ වගකීම බව ද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පෙන්වා දී තිබේ.

Related posts

රාජාංගනයේ තවත් කොරෝනා රෝගීන් හඳුනා ගනී

Mohamed Dilsad

තවත් ඝාතන සැකකරුවෙක් කොටුවෙයි

Mohamed Dilsad

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment