Trending Newsඑසැන පුවත්දේශීය

එජාප සංවත්සර සමුළුවට සහභාගිවීමේ තීරණය සජබ වෙනස් කරයි..!

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරයට සහභාගී වීම සදහා සමගි ජන බලවේගය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර ඇත.

ඒ අනුව මීට පෙර එජාප සංවත්සරයට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවීමට සැලසුම් කර තිබුණ ද අද (19) එම පක්ෂය ඒ තීරණය වෙනස් කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගී කරවීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සහභාගී වන ලෙසට සමගි ජන බලවේගයට සහ එහි මන්ත්‍රීවරුන්ට නිල වශයෙන් ආරාධනා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ජේෂ්ඨයින් අතර පැවති සාකච්ඡාවකදී සංවත්සරයට මහ ලේකම්වරයා පමණක් සහභාගී වීම ප්‍රමාණවත් බව තීරණය කර තිබේ.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හැර පක්ෂයේ වෙන කිසිදු මන්ත්‍රීවරයෙක් එජාප සංවත්සරයට සහභාගි නොවිය යුතු බවට ඔවුන් දැනුවත් කර ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සංවත්සරයට සහභාගී වන ලෙස විපක්ෂයේ සෙසු සියලු පක්ෂවලටද එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර තිබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අරවින්දගේ නායකත්වයෙන් තාක්ෂණික උපදේශක කමිටුවක්

Mohamed Dilsad

Thebuwana unruly behaviour Police Sergeant released on bail

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment