ක්‍රීඩාදේශීය

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අරවින්දගේ නායකත්වයෙන් තාක්ෂණික උපදේශක කමිටුවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) පත්කරනු ලැබීය.

එහි සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා මහතා පත්කර ඇති අතර , රොෂාන් මහනාම / මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් එහි අනෙකුත් සාමාජිකයන් වේ.

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබේ.

 

 

Related posts

පාසල් දරුවන්ට ‘e තක්සලාවට’ ප්‍රවේශ වීමට අන්තර්ජාලය නොමිලේ

Mohamed Dilsad

ජෝස් හේසල්වුඩ් හට ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය අහිමී වෙයි..

Mohamed Dilsad

එංගලන්ත පිලේ පුහුණුකාර ධූරයට ක්‍රිස් සිල්වරවුඩ්

Mohamed Dilsad

Leave a Comment