Trending Newsඑසැන පුවත්දේශීය

ඩෑන් ප්‍රියසාද් ට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතා, ඝාතන සිද්ධියේ වෙඩික්කරුබව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනකු කෑගල්ල – රංවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

නීති විරෝධි දුම්වැටි 12,400 ක්, ගජමුතු 5 ක් සහ මත්කුඩු සමඟ රංවල ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත..

සැකකරුවන් දෙදෙනා කෑගල්ල හා වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 55 හහා 39 අතර වන අය බවද පොලිසිය කියයි.

මීට අමතරව, ව්‍යාජ ලෙස සකසන ලද ජාතික හැදුනුම්පතක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ..

අයෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත් නොවු පුද්ගලයෙකු වන අතර ඔහු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවටත්, මහබාගේ පොලිස් වසමේ 2024 මාර්තු 28 දින ගිණි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටත් තොරතුරු අනාවරණය වි තිබේ. .

Related posts

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් මිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

Court rejects Shalila Moonesinghe’s request to travel overseas

Mohamed Dilsad

Leave a Comment