Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂගේ ප්‍රතිරූපයට හානි කරන්න කිසිවෙකුට බැහැ – හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන

නාමල් රාජ­පක්ෂ මහතා වටා ජන­තාව ඒක­රාශී වන විට එය දරා ගත නොහැකි පිරිස් ඔහු ගැන වැරැදි චිත්‍ර මැවී­මට උත්සාහ ගනි­මින් සිටින බව හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මූල­ස්ථා­නයේ පැවැති මාධ්‍ය හමු­වේ­දීය. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කවු­රුන් කුමන චිත්‍ර­යක් මැවී­මට උත්සාහ කළත් නාමල් රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රති­රූ­ප­යට හානි කළ නොහැ­කියි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහ­තාට විරු­ද්ධව විවිධ දේ කිය­මින් යනවා

.ජන­තාව දේශ­පා­ල­න­ඥ­යන් සමඟ පින්තූර ගන්නවා. සෑම නාය­ක­යෙක්ම විවිධ අය සමඟ ඡායා­රූ­ප­ව­ලට පෙනී සිටි­නවා. එලෙස ඡායා­රූ­ප­ව­ලට පෙනී සිටින අයගේ සුල­මුල දන්නේ නෑ. යම් පුද්ග­ල­ය­කුට චෝද­නා­වක් නැඟු­ණාම ඔහු නියෝ­ජ­නය කරන පක්ෂය වග­කි­යන්න ඕනෙ නෑ. දේශ­පා­ලන වශ­යෙන් ප්‍රාදේ­ශීය සභා­ව­කට හෝ වෙනත් මැති­ව­ර­ණ­ය­කට තරග කළ අයෙක් අත්අ­ඩං­ගු­වට ගත් විට එයට ඔහු නියෝ­ජ­නය කරන පක්ෂයේ නාය­කයා වග­කි­යන්න අවශ්‍ය නෑ. එම පුද්ග­ලයා වැර­දි­කරු නම් පසුව පක්ෂ­යෙන් නෙරපා හරින්න පුළු­වන්. නමුත් එහෙම සිදු­වී­මක් මෙහි නෑ.

“මේ ආණ්ඩුවේ පිරිස් එක මාස­ය­කට කුමක් හෝ සිදු­වී­මක් ගන්නවා. පසුව ඒ සිද්ධි­යත් එක්ක ක්‍රියා කර­නවා. තමන්ගේ ක්‍රියා­දා­ම­යන් රටේ හරි­යා­කා­රව ක්‍රියා­ත්මක නොවෙ­න­කොට ඒ පිළි­බ­ඳව මිනි­සුන්ගේ මතය වෙන පැත්ත­කට යොමු කිරී­මට මේ වගේ වැඩ කර­නවා. මේ සම්බ­න්ධ­යෙන් මහ­ජ­න­තාව දැනු­ම්වත් විය යුතුයි. පහු­ගිය මාස දෙක තුන ඇතු­ළත නාමල් රාජ­පක්ෂ මහතා ගමින් ගමට යන­කොට ජන­තාව ඔහු වටා ඒක­රාශී වුණා. ඒ නිසා තමයි ඔහුගේ නමට කැළැ­ලක් වන ආකා­ර­යට මේ ප්‍රකා­ශය කරන්නේ. එහෙම කළා කියලා ඔහුට තිබෙන පිළි­ගැ­නීම නැති කරන්න බෑ.”

Related posts

මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම මියයයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා, සජබ නිර්ණායකවලට පටහැනිව සභිකයන් නම් කිරීමට විරෝධය පළ කළ බන්දුල ලාල් ගාල්ල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වෙයි.

Editor O

Leave a Comment