Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂගේ ප්‍රතිරූපයට හානි කරන්න කිසිවෙකුට බැහැ – හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන

නාමල් රාජ­පක්ෂ මහතා වටා ජන­තාව ඒක­රාශී වන විට එය දරා ගත නොහැකි පිරිස් ඔහු ගැන වැරැදි චිත්‍ර මැවී­මට උත්සාහ ගනි­මින් සිටින බව හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මූල­ස්ථා­නයේ පැවැති මාධ්‍ය හමු­වේ­දීය. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කවු­රුන් කුමන චිත්‍ර­යක් මැවී­මට උත්සාහ කළත් නාමල් රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රති­රූ­ප­යට හානි කළ නොහැ­කියි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහ­තාට විරු­ද්ධව විවිධ දේ කිය­මින් යනවා

.ජන­තාව දේශ­පා­ල­න­ඥ­යන් සමඟ පින්තූර ගන්නවා. සෑම නාය­ක­යෙක්ම විවිධ අය සමඟ ඡායා­රූ­ප­ව­ලට පෙනී සිටි­නවා. එලෙස ඡායා­රූ­ප­ව­ලට පෙනී සිටින අයගේ සුල­මුල දන්නේ නෑ. යම් පුද්ග­ල­ය­කුට චෝද­නා­වක් නැඟු­ණාම ඔහු නියෝ­ජ­නය කරන පක්ෂය වග­කි­යන්න ඕනෙ නෑ. දේශ­පා­ලන වශ­යෙන් ප්‍රාදේ­ශීය සභා­ව­කට හෝ වෙනත් මැති­ව­ර­ණ­ය­කට තරග කළ අයෙක් අත්අ­ඩං­ගු­වට ගත් විට එයට ඔහු නියෝ­ජ­නය කරන පක්ෂයේ නාය­කයා වග­කි­යන්න අවශ්‍ය නෑ. එම පුද්ග­ලයා වැර­දි­කරු නම් පසුව පක්ෂ­යෙන් නෙරපා හරින්න පුළු­වන්. නමුත් එහෙම සිදු­වී­මක් මෙහි නෑ.

“මේ ආණ්ඩුවේ පිරිස් එක මාස­ය­කට කුමක් හෝ සිදු­වී­මක් ගන්නවා. පසුව ඒ සිද්ධි­යත් එක්ක ක්‍රියා කර­නවා. තමන්ගේ ක්‍රියා­දා­ම­යන් රටේ හරි­යා­කා­රව ක්‍රියා­ත්මක නොවෙ­න­කොට ඒ පිළි­බ­ඳව මිනි­සුන්ගේ මතය වෙන පැත්ත­කට යොමු කිරී­මට මේ වගේ වැඩ කර­නවා. මේ සම්බ­න්ධ­යෙන් මහ­ජ­න­තාව දැනු­ම්වත් විය යුතුයි. පහු­ගිය මාස දෙක තුන ඇතු­ළත නාමල් රාජ­පක්ෂ මහතා ගමින් ගමට යන­කොට ජන­තාව ඔහු වටා ඒක­රාශී වුණා. ඒ නිසා තමයි ඔහුගේ නමට කැළැ­ලක් වන ආකා­ර­යට මේ ප්‍රකා­ශය කරන්නේ. එහෙම කළා කියලා ඔහුට තිබෙන පිළි­ගැ­නීම නැති කරන්න බෑ.”

Related posts

වැටුණු ආර්ථිකය : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය

Mohamed Dilsad

මොරටුව සමූපකාරයත් මාලිමාව පරදී

Editor O

பல்கலைக்கழகங்களின் செயற்பாடுகளை காலத்திற்கு ஏற்ற வகையில் புதுப்பித்து சர்வதேச மட்டத்திற்கு எடுத்துச் செல்வது பல்கலைக்கழக உபவேந்தர்களின் பொறுப்பாகும்

Mohamed Dilsad

Leave a Comment