Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු, මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

සංචාරක වීසා මත පැමිණි පිරිසක් එකී සයිබර් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවද සඳහන්.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේ ඇති එම සයිබර් කඳවුරු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් පාලනය කරන අතර මීට පෙර ද ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එම කඳවුරු රඳවාගෙන සිටියහ.. 

තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් එම පිරිස් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරිණ.. 

පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේ අරමුණින් පසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත විදෙස් ගත වන අතර පසුව ඔවුන් මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි

Related posts

Veteran Radio Personality Kusum Peiris passes away

Mohamed Dilsad

GSP+ සහනය ශ්‍රී ලංකාවට හිමි වෙයිද

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනිවාර්යය නිවාඩු යවයි. – පොලිස් කොමිෂමේ තීරණයක්

Editor O

Leave a Comment