Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනීසිටිනවා – විපක්ෂ නායක සජිත්

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගැටලුව මතු කළ අවස්ථාවේ රජය කිව්වේ එය ජාතික වශයෙන් වැදගත් නොවන ප්‍රශ්නයක් බවත් පසුගිය රජයේ 2020 දී උපාධිධාරීන් 53000ක් බඳවා ගෙන 22000න් ගුරුවරුන් ලෙස නිදහස් අධ්‍යාපනය සවිමත් කරන්න යොමු කළ බවත්, කොරෝනා කෝවිඩ් අපහසුතා මැද මේ අය විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ අයගෙන් ගත හැකි උපරිම වැඩ අරගෙන දැන් අතහැර දමා ඇති බවත් පළපුරුද්ද වසර 5කට වැඩි වුවත් සාමාන්‍ය ක්‍රමයට ගුරු සේවයට එන්න යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටී.

අද (13) දින කොටුව දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

පළපුරුද්ද ඇති මේ අය ප්‍රායෝගික විභාගයක් පවත්වා 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පසුව වසර තුනක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ගැනීමට සමථකරණය හරහා තීරණයක් ගෙන ඇති බවත් 2005 දී පවා මේ ආකාරයට ගුරුවරුන් බඳවා ගත් නිසා දැන් එය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද, මේ අයට අසාධාරණයක් වන බවත් මේ අය දේශපාලන වාසි ගෙන පැත්තකට විසි කර ඇති බවත් මේ අය වෙනුවෙන් එදත් අදත් හෙටත් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් අගමැතිවරියගේ අමාත්‍යා මණ්ඩල සටහනක⁣ට අනුව පවතින උපාධිය මූලික සුදුසුකම් වූ තනතුරුවල පවතින පුරප්පාඩු ප්‍රමාණය සලකා 50000ක පුරප්පාඩු සදහා බඳවා ගත හැකි බව සදහන් බවත් එම නිසා කරුණාකර මේ අයට රැකියා දෙන ලෙසත් යුතුකම සහ යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

සමගි ජන බලවේගය බලයේ සිටියා නම් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන බවත් මේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්ව දුන්නේය.

Related posts

President Trump nominates Alaina B. Teplitz as Ambassador to Sri Lanka

Mohamed Dilsad

උමා ඔය වගා හානි වූ ගොවීන්ගේ වාර්තාවක් දෙන ලෙස නීතිපතිට නියෝග

Mohamed Dilsad

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment