දේශීය

උමා ඔය වගා හානි වූ ගොවීන්ගේ වාර්තාවක් දෙන ලෙස නීතිපතිට නියෝග

(UTV | කොළඹ) –  උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

ප්‍රියන්ත ජයවර්ධන , පී පද්මන් සූරසේන හා යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය ලබාදුන්හ.

රජයෙන් තක්සේරු කර ඇති වන්දි මුදල් ප්‍රමාණය හා ගොවීන්ට හිමිවූ වන්දි මුදල් අතර පරස්පරතාවයක් ඇති බවට චෝදනා කරමින් ගොණු කර ඇති නඩුවකට අදාලව මෙම නියෝගය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ගොවීන්ට දැනට ගෙවා තිබෙන වන්දි හා ගෙවීමට නියමිතව තිබෙන වන්දි මුදල් පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ජූලි මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

Related posts

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝ පුරා Google සේවා බිඳ වැටෙයි

Mohamed Dilsad

රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

Mohamed Dilsad

Leave a Comment