දේශීය

රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව තව දුරටත් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ඊට අවශ්‍ය රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යපෘති යටතේ සලසා ගනු ඇත.

ඊට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් මහ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩා හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට 2022 වර්ෂයේ ආරම්භයේදී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දී තිබිණි.

ඒ සඳහා ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන්කිරීමට නියමිත ය.

Related posts

තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර දිසානායක

Editor O

විදුලි බිලට ජනතාවගෙන් මැසිවිලි

Mohamed Dilsad

ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙක් නිදහස්

Mohamed Dilsad

Leave a Comment