දේශීය

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නවතන ලකුණු

(UTV | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ සිදුකරන හදවත් සැත්කම් ජුනි මාසයේ සිට නතර කිරීමට සිදුවන බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

එම හදවත්සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මෙයට හේතුවී ඇති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවසීය.

සාමන්‍යයෙන් දෛනිකව රෝහලේ බයිපාස් හදවත් සැත්කම් හතරක් පමණ සිදුකරන අතර මේවන විට ද එම සැත්කම් අඩු කර තිබේ.

එසේම සියලු හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඉනොක්ස්පරින් (enoxaparin) එන්නත රෝහලේ හිඟ වී ඇති අතර මේ හේතුවෙන් හෘද රෝගීන්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇත. හදවත් සැත්කම් කිරීමේ දී ලබාදෙන හදිසි ඖෂධ වර්ග කිහිපයක්ම මේවන විට රෝහලේ නැත.

එම ඖෂධ ඉදිරි මාස තුන පමණ කාලය ඇතුළත නොලැබුණහොත් අනෙකුත් හෘද සැත්කම් සඳහා ද බාධා වීමේ අවදානමක් මතුව තිබේ.

Related posts

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment