දේශීය

මාස 6 කින් විදුලිය මිලදී ගැනීම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මාස හයකට හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ අනුමැතිය දුන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විෂය භාර අමාත්‍යවරයා ඊට අදාළ යෝජනාවට ඊයේ (04) අත්සන් තැබූ අතර, ඒ සදහා වැය වන මුදල රුපියල් බිලියන 21 ක්.

හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ විදුලි ඒකකයක් මිලදී ගැනීම සදහා රජය වැය කරන මුදල රුපියල් 64 ක් වන අතර එම ඒකකයක් ජනතාවට ලබා දෙන්නේ රුපියල් 17 කට බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ පවතින නියගය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් පහත යාම නිසා ජල විදුලි නිෂ්පාදනය 20% ක් තරම් පහත යාම ඊට හේතුව බවයි.

 

Related posts

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම ගැන මත දෙකක

Editor O

දුරකථන අංක වෙනස් නොකර ජාල අතර මාරුවෙන්න ක්‍රමයක් හදයි

Editor O

Leave a Comment