Trending News

GSP+ සහනය ශ්‍රී ලංකාවට හිමි වෙයිද

(උදයම්,යුරෝපය )  – ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතය.

GSP+ බදු සහන ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග ඊයේ(26) සාකච්ඡා පවත්වා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ යුරෝපා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ මන්ත්‍රීවරුන්ට  පැහැදිලි කර තිබේ.

ඊට මතරව මෙරට ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය, මානව හිමිකම් සහ සංහිඳියාව වැඩිදුයුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද හර්ෂ ද සිල්වා මහතා විසින්  යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රි ලංකාවට GSP+ බදු සහනය ලබා නොදිය යුතු බවට පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ඉදිරිපත් වුණි.

Related posts

நியூசிலாந்து அணி 5 விக்கெட்டுகளினால் வெற்றி

Mohamed Dilsad

General amnesty to receive discharge for Army absentees declared

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න ගැන විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙන්න

Editor O

Leave a Comment