Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කීරි සම්බා මිල ඉහළ ට

කීරි සම්බා කිලෝවක් රුපියල් 320 ත් 325 ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරේ. ඉදිරි දිනවලදී කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 400 ක් දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් පවතින බවද වෙළෙඳපොළ තොරතුරු ආරංචිමාර්ග සඳහන් කරයි.

කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් පහක ඇසුරුමෙහි මිල රුපියල් 1,300 ක් ලෙස සඳහන් කර තිබුණද, ඇතැම් සුපිරි වෙළෙඳසල්වල එම බිලට අමතරව, අදාළ සහල් කිලෝ පහේ ඇසුරුම සඳහා රුපියල් 325 ක අමතර වෙනත් බිල්පත් නිකුත් කරන බවටද වාර්තා වේ. මේ අනුව, සහල් කිලෝ පහක් ඇතැම් සුපිරි වෙළෙඳසල්වල අලෙවි කෙරෙන්නේ රුපියල් 1,625 කට බවද වාර්තාවෙයි.

මහා පරිමාණ වී මෝල් හිමියන් මේ දිනවල ගොවීන්ගෙන් කීරි සම්බා වී මිටියක් (කිලෝග්‍රෑම් 64) මිලදී ගනු ලබන්නේ රුපියල් 11,000 කටය. ඒ අනුව, මේ දිනවල කීරි සම්බා වී කිලෝවක ගැනුම් මිල රුපියල් 167 ත් 171 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

சைட்டம் தொடர்பில் இறுதி தீர்மானம் எடுக்க இன்று கூடுகிறது மருத்துவ சபை

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළබෙන සඳුදා සිට

Mohamed Dilsad

Instagram’s Co-Founders Said to Step Down From Company

Mohamed Dilsad

Leave a Comment