Trending Newsඑසැන පුවත්දේශීය

රෝහල්වල ඖෂධ හිඟය උග්‍රවෙයි…? ; වකුගඩු, ස්වසන රෝගීන් දැඩි පීඩාවට

රෝහල්වල උද්ගතව ඇති ඖෂධ හිඟය හේතුවෙන් වකුගඩු හා ස්වසන රෝගීන්ට දැඩි පීඩාවකට ලක්ව ඇති බවත්, ඇතැම් වකුගඩු රෝගීන්ගේ මාසික ඖෂධ වියදම රුපියල් ලක්ෂය ඉක්මවා ඇති බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි.

වකුගඩු රෝගීන්ගේ රුධිර සෛල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන Erythropoietin එන්නත් ජාතික රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල්වල හිඟයක් පවතින බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙම එන්නත් පිටතින් මිලදී ගැනීමට රුපියල් 12,000කට ආසන්න මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුව ඇතිිබව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම වකුගඩු කාන්දු පෙරණ (dialysis) සඳහා අවශ්‍ය කරන AVF needles හිඟයක් ද පවතින අතර, රෝගීන් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බල කෙරී ඇත.

එසේම  වකුගඩු රෝගීන් භාවිතා කරන තවත් වැදගත් ඖෂධයක් වන Everolimus ද රජයේ රෝහල් පද්ධතියේ නොමැති බව වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි.

මීට පෙර රුපියල් 355ක්ව පැවති එක් පෙත්තක මිල, මේ වන විට පුද්ගලික අංශයේ රුපියල් 850ක් ඉක්මවා ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙම මිල වැඩිවීම නිසා ඇතැම් රෝගීන්ගේ මාසික ඖෂධ වියදම රුපියල් ලක්ෂයකට ආසන්න වී ඇත.

කුඩා දරුවන් හා වැඩිහිටියන්ගේ ස්වසන අපහසුතා සඳහා භාවිතා කරන Salbutamol nebulisation දියරය ද රෝහල් පද්ධතිය තුළ හිඟයක් පවතියි. සාමාන්‍යයෙන් ඖෂධ සැපයුම් ඒකකය හරහා මිලදී ගත යුතු මෙම ඖෂධය, රෝහල් ප්‍රාදේශීයව මිලදී ගැනීම නිසා එහි මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත්, එය රජයට විශාල පාඩුවක් බවත් ඔහු පවසයි.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව කඩිනමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

Rahul century leads India to easy T20 win over England

Mohamed Dilsad

Israel Prime Minister Netanyahu faces corruption charges

Mohamed Dilsad

England beat Sri Lanka by 30 runs in T20 international

Mohamed Dilsad

Leave a Comment